Sunday, February 17, 2013

තිත්ත ඇත්ත සඟවන මායාව

විටෙක සතුට නිසාත්
විටෙක වේදනාව නිසාත්
නෙතට නැගෙන කඳුලට
අරුත් දෙන්නට
සතුට නිසාම හිනැහෙන
දුක සඟවන්නට හිනැහෙන
දෙතොලඟ  ‍රැඳි මදහසට
අරුත් දෙන්නට
වෑයම් කරනා ජීවිතවල
තිත්ත ඇත්ත සඟවන
මායාවකි කඳුල
මායාවකි මදහස

Wednesday, September 19, 2012

සීලවතී අපෙ සීලවතී

හොයනවා
උඩහ ගෙදරත් හොයනව
පහල ගෙදරත් හොයනවා
හතරවටේම හොයනවා

එහාට භූමිතෙල්
මෙහාට පෙට්‍රල්
එහෙන් ගිණි දැල්
මෙහෙන් ගල් මුල්

කුණුමයි හොයන්නේ
ගිණිමයි දෙන්නේ
ගමටම විනයක් ඈ
සීලවතී අපෙ සීලවතී

Saturday, May 26, 2012

ප්‍රාර්තනාවේ මාළිගය

මගේ පැතුම් සුනු විසුනු වූ දිනක,
ඔබලාගේ පැතුම් ඉ‍ටුවනබව  දැන දැන ,
ජීවත්වීම හැර වෙන යමක් කරන්නට නොවූ කල,
අපරිමිත ආදරයෙන් ගොඩනැගුවා මම,
මගේම කියා ලෝකයක්....
සදාකාලිකව එහිම සිරගතවන්නට,
නම් තැබුවා මම එයට,
ප්‍රාර්තනාවේ මාළිගය ලෙස!!!

Friday, March 23, 2012

සින්නො සහ මම

පාර දිගේ දුම් දාගෙන
උදේ හවස මම දුවද්දි
සරසවියේ කදු නැගගෙන
පමා වෙලා ලෙක්චර් යද්දි

පළමු වසරෙදී සින්නන්
දුන් ඔවදන් මතක් වෙන්නෙ

අවසන් වසරෙදී නම් බෑ
ගෙදර ඉඳන් සරසවි එන්න
මහන්සියට උඹ මැරේවි
මේක හොදට හිතට ගන්න.

සින්නො දුන්න මේ ඔවදන්
උදේ හවස දැන් සිහිවේ
එනමුත් නෑ ගැලවීමක්
දැන් නම් මා පමා වැඩියි.

Tuesday, February 21, 2012

මගේ ජීවිත කතාව

මම හිතුවට
මට තේරෙන්නෙත්  නෑ
කාගෙන්වත් ඇහුවට
කවුරුවත්ම දන්නෙත් නෑ
කොහොමටත් ඔය
පන්ඩිතයින්ගෙ කතා
මට දිරවන්නෙත් නෑ
මගේ තාලෙට
මගේ ඉස්ටයිල් එකට
මගේ ජීවිත කතාව
මම ලියාගන්නම්
ලියලා ඵලකරපු දවසට
ඔක්කොමල්ලා කියෝගනිල්ලා
මගේ ජීවිත කතාව

ජුලියට්

පිල් කන්ඩිය උඩටවී..
මදුරුවන් තලමින්..
කුසට අහරක් නැතිව..
ඔබ එනතුරු..
බලා සිටින මා..
ඔබේම ජුලියට්!!!

Monday, December 26, 2011

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය !!!

නිදහස් අධ්‍යාපනය විකුනන් කන
විභාග ප්‍රතිඵලයක්
වෙලාවට නොදෙන
දුන්න ප්‍රතිඵලයත්
වැරදෙන
ශ්‍රී ලංකාවේ 
උසස් අධ්‍යාපනය