මම කියන දේවල් අහන්න කවුරුත් නැතිව
මම ලතැවුණා
මම ගෙදර බිත්ති එක්ක කතාකළා
ඒත් ඒ බිත්ති මගේ කතාවලින් මෘදු වුනේ නැහැ
මම ගස් එක්ක කතාකරන්න ගත්තා
මම අඬද්දි ගසුත් අඬනව වගේ මට දැනුනා
හෙමිහිට තාලෙට නැළවි නැළවි
ඒ ගස් මට නැළවිලි ගී කිව්වා
එදා මට ඇහුම්කන් දුන්නෙ නැති උන්
මම ගස් එක්ක කතාකරද්දි බලන් හිටියා
අන්තිමේදි උන් කිව්වා මට පිස්සු කියලා
මම පිස්සෙක් නෙමෙයි
ඒත් උන් මාව පිස්සෙක් කළා
හැමෝම මාව ප්‍රතික්ෂේප කරද්දි
පරිසරය මට ආදරේ කළා
මම තවමත් ගස් එක්ක කතාකරනවා

ඒත් අරුන්ට නම් මම තාම පිස්සෙක්