හොයනවා
උඩහ ගෙදරත් හොයනව
පහල ගෙදරත් හොයනවා
හතරවටේම හොයනවා
එහාට භූමිතෙල්
මෙහාට පෙට්‍රල්
එහෙන් ගිණි දැල්
මෙහෙන් ගල් මුල්
කුණුමයි හොයන්නේ
ගිණිමයි දෙන්නේ
ගමටම විනයක් ඈ
සීලවතී අපෙ සීලවතී
Wednesday, September 19, 2012
Saturday, May 26, 2012
ප්‍රාර්තනාවේ මාළිගය
මගේ පැතුම් සුනු විසුනු වූ දිනක,
ඔබලාගේ පැතුම් ඉටුවනබව දැන දැන ,
ජීවත්වීම හැර වෙන යමක් කරන්නට නොවූ කල,
අපරිමිත ආදරයෙන් ගොඩනැගුවා මම,
මගේම කියා ලෝකයක්....
සදාකාලිකව එහිම සිරගතවන්නට,
නම් තැබුවා මම එයට,
ප්‍රාර්තනාවේ මාළිගය ලෙස!!!
ඔබලාගේ පැතුම් ඉටුවනබව දැන දැන ,
ජීවත්වීම හැර වෙන යමක් කරන්නට නොවූ කල,
අපරිමිත ආදරයෙන් ගොඩනැගුවා මම,
මගේම කියා ලෝකයක්....
සදාකාලිකව එහිම සිරගතවන්නට,
නම් තැබුවා මම එයට,
ප්‍රාර්තනාවේ මාළිගය ලෙස!!!
Friday, March 23, 2012
සින්නො සහ මම
Tuesday, February 21, 2012
මගේ ජීවිත කතාව
මම හිතුවට
මට තේරෙන්නෙත් නෑ
කාගෙන්වත් ඇහුවට
කවුරුවත්ම දන්නෙත් නෑ
කොහොමටත් ඔය
පන්ඩිතයින්ගෙ කතා
මට දිරවන්නෙත් නෑ
මගේ තාලෙට
මගේ ඉස්ටයිල් එකට
මගේ ජීවිත කතාව
මම ලියාගන්නම්
ලියලා ඵලකරපු දවසට
ඔක්කොමල්ලා කියෝගනිල්ලා
මගේ ජීවිත කතාව
මට තේරෙන්නෙත් නෑ
කාගෙන්වත් ඇහුවට
කවුරුවත්ම දන්නෙත් නෑ
කොහොමටත් ඔය
පන්ඩිතයින්ගෙ කතා
මට දිරවන්නෙත් නෑ
මගේ තාලෙට
මගේ ඉස්ටයිල් එකට
මගේ ජීවිත කතාව
මම ලියාගන්නම්
ලියලා ඵලකරපු දවසට
ඔක්කොමල්ලා කියෝගනිල්ලා
මගේ ජීවිත කතාව
Monday, December 26, 2011
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය !!!
නිදහස් අධ්‍යාපනය විකුනන් කන
විභාග ප්‍රතිඵලයක්
වෙලාවට නොදෙන
දුන්න ප්‍රතිඵලයත්
වැරදෙන
ශ්‍රී ලංකාවේ
උසස් අධ්‍යාපනය
Tuesday, September 13, 2011
සත්‍යයේ බලවේගය
යුතුකම් ඉටුකලද
වගකීම් නොදන්නා
සමාජයක් අබිමුව
පෙළගැසුනු,
දේශයේ දූ පුතුන්
සත්‍යය වෙනුවෙන්
දිවි පුදද්දී...
රත්වූ උන්ඩයෙන්
බැටන් පොලු පහරින්
උන්ගේ ලේ හලා,
නවත්තන්නට හැකිවේද
සත්‍යයේ බලවේගය??
වගකීම් නොදන්නා
සමාජයක් අබිමුව
පෙළගැසුනු,
දේශයේ දූ පුතුන්
සත්‍යය වෙනුවෙන්
දිවි පුදද්දී...
රත්වූ උන්ඩයෙන්
බැටන් පොලු පහරින්
උන්ගේ ලේ හලා,
නවත්තන්නට හැකිවේද
සත්‍යයේ බලවේගය??
Subscribe to:
Posts (Atom)






