Sunday, July 3, 2011

ගමනක ආරම්භය

අපේ සිතට එන සිතුවිලි අපි කොතරම් නම් සඟවාගන්නවාද?
ඒත් ඒ සිතුවිලි හිතේ හංගගෙන ඉන්නෙ නැතුව එළියට  දාන්න පුඵවන්නම් හොදයි කියලා හිතුන නිසා කවි නිසඳැස් ලියන්න පටන්ගත්තා.තව ඉතින් කවි කරන්න බැරි සිතුවිලි කොළ පිරෙන්න ලිව්වා.හිතේ විතරක් ලියපු කවිත් නොතිබ්බාම නෙවෙයි.ජීවිතේ විවිධ හැලහැප්පීම් මැද ගතවෙද්දි ලබන කටුක මෙන්ම සුන්දර වූ අත්දැකීම් තුළින් පෝෂණය වෙච්ච මගේ සිතුවිලි ගොන්න සයිබර් අවකාශයට මුදාහරින්නට දරණ උත්සාහයේ පළමු පියවරයි මේ.
අරුතක් සොයාගන්න වෙර දරන ජීවිතවල ඔබ නොදකින දේ දකින්නට,ඔබේ ජීවිතයට අරුතක් එක්කරගන්නට,ඉතින් සයිබර් අවකාශයේ සැරිසරන ඔබසැම එක්වන්න "ජීවිතයට අරුතක්" සමඟින්!!!

3 comments:

  1. සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිලිගන්නවා !!
    දිගු දුරක් යාමට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..

    දිගටම ලියන්න..
    හොඳ පොස්ට් එකක් දාපු ගමන අපි කට්ටිය එවන්නම් මේ පැත්තට..
    මම සිහින..

    ReplyDelete
  2. ජීවිතය කියල ලියන්නෙ මෙහෙමයි නේද..? අකුරු දෙක තියෙන්නෙ දෙතැනක. ජ තියෙන්නෙ c අකුරෙ..මහප්‍රාණ ඡ තියෙන්නෙ P අකුරෙ..!!
    ඔබේ බ්ලොග් එක සැනෙන් මූණු පොතට එක් කළ හැකි ටූල් එකක් තියෙනව. මේ මොහොතේ මට ඒකෙ ලින්ක් එක මතක නැහැ. ඒ වගේ ම සිංහල අකුරු ඇති නැති ඕනෑ ම පරිගණකයකින් වුවත් එය කියවිය හැකි විජට් එකකුත් තියෙනවා. ඒ දෙක ම මම ඔබට පසු ව එවන්නම්..
    දිගු ගමණක් යන්නට ඔබට ධෛර්යය සහ ශක්තිය ලැබේවා..!!

    ReplyDelete
  3. බොහොම ස්තූතියි Indranatha සර්,විජට් එක නම් ඔන්න එකතු කළා

    ReplyDelete