පාර දිගේ දුම් දාගෙන
උදේ හවස මම දුවද්දි
සරසවියේ කදු නැගගෙන
පමා වෙලා ලෙක්චර් යද්දි
පළමු වසරෙදී සින්නන්
දුන් ඔවදන් මතක් වෙන්නෙ
අවසන් වසරෙදී නම් බෑ
ගෙදර ඉඳන් සරසවි එන්න
මහන්සියට උඹ මැරේවි
මේක හොදට හිතට ගන්න.
සින්නො දුන්න මේ ඔවදන්
උදේ හවස දැන් සිහිවේ
එනමුත් නෑ ගැලවීමක්
දැන් නම් මා පමා වැඩියි.
ඕක තමයි කියන්නෙ වැඩිහිටි ඔවදන් පිළිගන්න කියල :)
ReplyDeleteනැතුව නැතුව :)
ReplyDelete