මගේ පැතුම් සුනු විසුනු වූ දිනක,
ඔබලාගේ පැතුම් ඉටුවනබව දැන දැන ,
ජීවත්වීම හැර වෙන යමක් කරන්නට නොවූ කල,
අපරිමිත ආදරයෙන් ගොඩනැගුවා මම,
මගේම කියා ලෝකයක්....
සදාකාලිකව එහිම සිරගතවන්නට,
නම් තැබුවා මම එයට,
ප්‍රාර්තනාවේ මාළිගය ලෙස!!!
Saturday, May 26, 2012
Friday, March 23, 2012
සින්නො සහ මම
Tuesday, February 21, 2012
මගේ ජීවිත කතාව
මම හිතුවට
මට තේරෙන්නෙත් නෑ
කාගෙන්වත් ඇහුවට
කවුරුවත්ම දන්නෙත් නෑ
කොහොමටත් ඔය
පන්ඩිතයින්ගෙ කතා
මට දිරවන්නෙත් නෑ
මගේ තාලෙට
මගේ ඉස්ටයිල් එකට
මගේ ජීවිත කතාව
මම ලියාගන්නම්
ලියලා ඵලකරපු දවසට
ඔක්කොමල්ලා කියෝගනිල්ලා
මගේ ජීවිත කතාව
මට තේරෙන්නෙත් නෑ
කාගෙන්වත් ඇහුවට
කවුරුවත්ම දන්නෙත් නෑ
කොහොමටත් ඔය
පන්ඩිතයින්ගෙ කතා
මට දිරවන්නෙත් නෑ
මගේ තාලෙට
මගේ ඉස්ටයිල් එකට
මගේ ජීවිත කතාව
මම ලියාගන්නම්
ලියලා ඵලකරපු දවසට
ඔක්කොමල්ලා කියෝගනිල්ලා
මගේ ජීවිත කතාව
Monday, December 26, 2011
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය !!!
නිදහස් අධ්‍යාපනය විකුනන් කන
විභාග ප්‍රතිඵලයක්
වෙලාවට නොදෙන
දුන්න ප්‍රතිඵලයත්
වැරදෙන
ශ්‍රී ලංකාවේ
උසස් අධ්‍යාපනය
Tuesday, September 13, 2011
සත්‍යයේ බලවේගය
යුතුකම් ඉටුකලද
වගකීම් නොදන්නා
සමාජයක් අබිමුව
පෙළගැසුනු,
දේශයේ දූ පුතුන්
සත්‍යය වෙනුවෙන්
දිවි පුදද්දී...
රත්වූ උන්ඩයෙන්
බැටන් පොලු පහරින්
උන්ගේ ලේ හලා,
නවත්තන්නට හැකිවේද
සත්‍යයේ බලවේගය??
වගකීම් නොදන්නා
සමාජයක් අබිමුව
පෙළගැසුනු,
දේශයේ දූ පුතුන්
සත්‍යය වෙනුවෙන්
දිවි පුදද්දී...
රත්වූ උන්ඩයෙන්
බැටන් පොලු පහරින්
උන්ගේ ලේ හලා,
නවත්තන්නට හැකිවේද
සත්‍යයේ බලවේගය??
Saturday, August 20, 2011
සංවේදී මනසකට සිතන්නට යමක්
සමනළ තටු කියන්නෙ හරිම සියුම් සංවේදී දෙයක්...
ඒ තටු දෙක සමනළයට ගොඩක් වටිනවා...
ඒ මොකද කියනවා නම්,
ඒ තටු දෙක නැතිව එයාට ජීවිතයක් නැති නිසා...
අපේ හදවතත් ඒ සමනළ තටුවක් වගේ...
හදවතේ සංවේදී බව රැකගෙන,
ජීවිත ගමන්මගේ කඳූ හෙල් තරණය කරන්න...
සංවේදී බවක් නැති හදවතක් එක්ක ඔබ ජීවිත කතරේ තනිවුවහොත්,
එදාට ඔබ මියැදේවි තටු සිඳුනු සමනළයෙක් විලසින්!!!!!!!!
ඒ තටු දෙක සමනළයට ගොඩක් වටිනවා...
ඒ මොකද කියනවා නම්,
ඒ තටු දෙක නැතිව එයාට ජීවිතයක් නැති නිසා...
අපේ හදවතත් ඒ සමනළ තටුවක් වගේ...
හදවතේ සංවේදී බව රැකගෙන,
ජීවිත ගමන්මගේ කඳූ හෙල් තරණය කරන්න...
සංවේදී බවක් නැති හදවතක් එක්ක ඔබ ජීවිත කතරේ තනිවුවහොත්,
එදාට ඔබ මියැදේවි තටු සිඳුනු සමනළයෙක් විලසින්!!!!!!!!
Subscribe to:
Posts (Atom)






