යුතුකම් ඉටුකලද
වගකීම් නොදන්නා
සමාජයක් අබිමුව
පෙළගැසුනු,
දේශයේ දූ පුතුන්
සත්‍යය වෙනුවෙන්
දිවි පුදද්දී...
රත්වූ උන්ඩයෙන්
බැටන් පොලු පහරින්
උන්ගේ ලේ හලා,
නවත්තන්නට හැකිවේද
සත්‍යයේ බලවේගය??
Tuesday, September 13, 2011
Saturday, August 20, 2011
සංවේදී මනසකට සිතන්නට යමක්
සමනළ තටු කියන්නෙ හරිම සියුම් සංවේදී දෙයක්...
ඒ තටු දෙක සමනළයට ගොඩක් වටිනවා...
ඒ මොකද කියනවා නම්,
ඒ තටු දෙක නැතිව එයාට ජීවිතයක් නැති නිසා...
අපේ හදවතත් ඒ සමනළ තටුවක් වගේ...
හදවතේ සංවේදී බව රැකගෙන,
ජීවිත ගමන්මගේ කඳූ හෙල් තරණය කරන්න...
සංවේදී බවක් නැති හදවතක් එක්ක ඔබ ජීවිත කතරේ තනිවුවහොත්,
එදාට ඔබ මියැදේවි තටු සිඳුනු සමනළයෙක් විලසින්!!!!!!!!

Thursday, August 4, 2011
අහිමි වූ සවිය
ගතේ සවිය ද අහිමිවී,
දෙපා වාරු නැතිව,
පොළව මත ඇදවැටුණු විට ,
වරෙන්,නැගිටපන් කියා;
අත දෙන්නට කෙනෙක්,
නොසිටි කළ,
ඒ පොළව මතම
මියගියා නම් යෙහෙකැයි
සිතුනි මට!!!
දෙපා වාරු නැතිව,
පොළව මත ඇදවැටුණු විට ,
වරෙන්,නැගිටපන් කියා;
අත දෙන්නට කෙනෙක්,
නොසිටි කළ,
ඒ පොළව මතම
මියගියා නම් යෙහෙකැයි
සිතුනි මට!!!
Wednesday, July 20, 2011
පිස්සෙක් නොවූ පිස්සෙක්
හිතේ තියන දේවල් කියාගන්න බැරිව
මම කියන දේවල් අහන්න කවුරුත් නැතිව
මම ලතැවුණා
මම ගෙදර බිත්ති එක්ක කතාකළා
ඒත් ඒ බිත්ති මගේ කතාවලින් මෘදු වුනේ නැහැ
මම ගස් එක්ක කතාකරන්න ගත්තා
මම අඬද්දි ගසුත් අඬනව වගේ මට දැනුනා
හෙමිහිට තාලෙට නැළවි නැළවි
ඒ ගස් මට නැළවිලි ගී කිව්වා
එදා මට ඇහුම්කන් දුන්නෙ නැති උන්
මම ගස් එක්ක කතාකරද්දි බලන් හිටියා
අන්තිමේදි උන් කිව්වා මට පිස්සු කියලා
මම පිස්සෙක් නෙමෙයි
ඒත් උන් මාව පිස්සෙක් කළා
හැමෝම මාව ප්‍රතික්ෂේප කරද්දි
පරිසරය මට ආදරේ කළා
මම තවමත් ගස් එක්ක කතාකරනවා
ඒ ගස් තවමත් මට ආදරෙන් නැළවිලි ගී ගයනවා
ඒත් අරුන්ට නම් මම තාම පිස්සෙක්
මම කියන දේවල් අහන්න කවුරුත් නැතිව
මම ලතැවුණා
මම ගෙදර බිත්ති එක්ක කතාකළා
ඒත් ඒ බිත්ති මගේ කතාවලින් මෘදු වුනේ නැහැ
මම ගස් එක්ක කතාකරන්න ගත්තා
මම අඬද්දි ගසුත් අඬනව වගේ මට දැනුනා
හෙමිහිට තාලෙට නැළවි නැළවි
ඒ ගස් මට නැළවිලි ගී කිව්වා
එදා මට ඇහුම්කන් දුන්නෙ නැති උන්
මම ගස් එක්ක කතාකරද්දි බලන් හිටියා
අන්තිමේදි උන් කිව්වා මට පිස්සු කියලා
මම පිස්සෙක් නෙමෙයි
ඒත් උන් මාව පිස්සෙක් කළා
හැමෝම මාව ප්‍රතික්ෂේප කරද්දි
පරිසරය මට ආදරේ කළා
මම තවමත් ගස් එක්ක කතාකරනවා
ඒ ගස් තවමත් මට ආදරෙන් නැළවිලි ගී ගයනවාඒත් අරුන්ට නම් මම තාම පිස්සෙක්
Wednesday, July 6, 2011
Sunday, July 3, 2011
ගමනක ආරම්භය
අපේ සිතට එන සිතුවිලි අපි කොතරම් නම් සඟවාගන්නවාද?
ඒත් ඒ සිතුවිලි හිතේ හංගගෙන ඉන්නෙ නැතුව එළියට දාන්න පුඵවන්නම් හොදයි කියලා හිතුන නිසා කවි නිසඳැස් ලියන්න පටන්ගත්තා.තව ඉතින් කවි කරන්න බැරි සිතුවිලි කොළ පිරෙන්න ලිව්වා.හිතේ විතරක් ලියපු කවිත් නොතිබ්බාම නෙවෙයි.ජීවිතේ විවිධ හැලහැප්පීම් මැද ගතවෙද්දි ලබන කටුක මෙන්ම සුන්දර වූ අත්දැකීම් තුළින් පෝෂණය වෙච්ච මගේ සිතුවිලි ගොන්න සයිබර් අවකාශයට මුදාහරින්නට දරණ උත්සාහයේ පළමු පියවරයි මේ.
අරුතක් සොයාගන්න වෙර දරන ජීවිතවල ඔබ නොදකින දේ දකින්නට,ඔබේ ජීවිතයට අරුතක් එක්කරගන්නට,ඉතින් සයිබර් අවකාශයේ සැරිසරන ඔබසැම එක්වන්න "ජීවිතයට අරුතක්" සමඟින්!!!

Subscribe to:
Posts (Atom)